පරිගණක හැදින්වීම Computer Introduction

 පරිගණක හැදින්වීම

පරිගණකය කියන්නේ ඇත්තෙන්ම ගණක යන්ත්‍ර හා යම් තරමක් සමාන(100%ක් නෙමෙයි.) යම් තරමක් සම්බන්ධ, ඒවාට සමගාමීව දියුණු වුනු යන්ත්‍ර විශේෂයක්. මුල් කාලීන පරිගණක බොහොමයක් භාවිතා වුනේ ගණනය කිරීම සඳහා තමයි. ඒවා අතරින් මූලිකවම ගැනෙන යන්ත්‍රයක් තමයි Abacus එක කියන්නේ. (Abacus එක හැබැයි chinese භාණ්ඩයක් තමයි. ඒ වුනාට හොඳට වැඩ කරනවලු. :D   හැබැයි ඒ වගේම රෝමේත් මේක භාවිතා වුනා)

Abacus



Abacus එක ගැන නම් මම හිතනවා ගොඩක් අය අහලා ඇති කියලා. එත් Antikythera Mechanism කියන එක ගැන නම් සමහරවිට අහලා නැතුව ඇති. මේක නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රි.පූ. 100 හෝ ඊටත් පෙර කියලයි කාල නිර්ණය කරලා තියෙන්නේ.
ඊලගට තව වැදගත්ම යන්ත්‍රයක් තමයි බ්ලේස් පැස්කල් විසින් 1642 නිර්මාණය කල Pascaline Machine හෙවත් පැස්කල් යන්ත්‍රය. ඒවගේම අපට අමතක කල නොහැකිම පුද්ගලයෙක් නිර්මාණය කල තවත් යන්ත්‍ර 2ක් තියෙනවා. ඒ කෙනා තමයි චාල්ස් බැබේජ්. ඔහු තමයි පරිගණකයේ පියා විදියටත් හඳුන්වන්නේ.

1937 දී ඔහු Analytical Engine කියන යන්ත්‍රය නිර්මාණය කළා. ඊළඟට ඔහු Difference Engine නම් යන්ත්‍රය සැලසුම් කළා. එත් ප්‍රශ්නය වුනේ ඔහුගේ සැලසුම් වලට අනුව ඒ යන්ත්‍ර නිසිආකාරව නිර්මාණය කිරීමට ඒ කාලේ පැවති තාක්ෂනය ප්‍රමාණවත් නොවීම. ඒ නිසාම Difference Engine යන්ත්‍රය ඇත්තෙන්ම නිර්මාණය වුනේ චාල්ස් බැබේජ් ගේ කාලයට පසුවයි. කෙසේ වෙතත් ඔහුගේ සැලසුම ඉතාමත් සාර්ථක පරිගණකයක සැලසුමක් වුනා. ඒ නිසාමයි ඔහුව පරිගණකයේ පියා විදියටත් හඳුන්වන්නේ. මීට අමතරව තවත් යාන්ත්‍රික පරිගණක කිහිපයක්ම මුල් කාලයේ බිහිවුණා. ඒවා තමයි පළමුවන පරම්පරාවේ පරිගණක වලට අඩිතාලම දැම්මේ.


Post a Comment

Previous Post Next Post